නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් වේ

    දෙසැම්බර් 23, 2015
     
    වත්මන් රජයේ සම්මුතිවාදී වැඩපිළිවෙල ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන්ගේ සිටම ක්‍රියාත්මක කළ හැකි නම් එය රටට ආශිර්වාදයක් කර ගත හැකි බව සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. 
    වත්මන් රජයේ සම්මුතිවාදී සහ යහපාලන ප්‍රතිපත්ති නිසා ලෝකවාසින් ලංකාව දෙස සුභවාදී ප්‍රතිචාර දක්වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි. එස්.බී. දිසානායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ගන්නෝරුව පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදීය.
     
    විවිධ අදහස් හා විවිධ දේශාපාලන ප්‍රතිපත්ති තිබුනත් රට සංවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ශක්තිමත් රජයක් බිහි කිරීමට ජනාධිපතිතුමන්ට සහ අග්‍රාමාත්‍යතුමන්ට හැකියාවක් ලැබුනු බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා ප්‍රධාන පක්ෂ දෙකේම මන්ත්‍රීවරුද විශාල දායකත්වයක් ලබා දුන් බව පැවසීය. ශක්තිමත් රජයක් බිහි කර ගත් නිසා දේශපාලකයන් කිහිප දෙනෙක් සහ හමුදා නිලධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් යුධ අපරාධ අධිකරණය වෙත ගෙන යෑම වලක්වාගත හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
     
    වත්මන් ගෝලීය සමාජ ක්‍රමය ය‍ටතේ රටකට හුදෙකලා විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාවට වඩා ප්‍රභල රටවල් වන ඉරාකය සහ ලිබියාව වැනි රටවල් පවා ජාත්‍යන්තරය ඉදිරියේ දුර්වල වූ ආකාරය තුලින් අපට පාඩම් උගත හැකි බව පෙන්වා දෙන ලදී. වත්මන් රජයේ සම්මුතිවාදී වැඩපිළිවෙල මේ සියල්ලටම හේතුවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා බිම් මට්ටමේ දේශපාලනය තුළද මෙම සම්මුතිවාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකි නම් එය රටේ සංවර්ධනයට හේතු වන බව පෙන්වා දෙන ලදී.
     
    මෙම අවස්ථාව සදහා මහා මාර්ග සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල , මධ්‍යම පළාත් ප්‍රධාන සරත් ඒකනායක සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර  යන මහත්වරුන්ද සහභාගී විය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya