මන්ත්‍රිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ පළමු සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේදීය.
රජයේ නිලධාරින්ගේ අදහස් දේශපාලඥයින් නිහඬ නොකළ යුතු බවත් ඔවුන්ට අදහස් යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දියයුතු බවත් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිමේදී ග්‍රාම නිලධාරි ප්‍රධාන කොට ගත් සමෘද්ධි නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම නිලධාරින් හා පවුල් සෞඛ්‍ය නිලධාරින් ගෙන් සැදුම් ලත් කමිටුවක් මඟින් ග්‍රාමිය සංවර්ධන අවශ්‍යතා හඳුනාගත යුතු බවත් සභාපතිවරයා පැවසීය.
ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට ග්‍රාම නිලධාරින් සම්බන්ධ විය යුතු අතර අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් වෙන් වන මුදල් පිළිබඳව ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් විය යුතු අතර වසර 05 ක සංවර්ධන සැලැස්මක් සකස් කර ඒ අනුව සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බවත් රංජිත් අලුවිහාරේ මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව අමතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා හා සම්බනධිකරණ කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.
මෙහිදී 2016 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට මෙවර අයවැයෙන් ලැබෙන විමධ්‍යතග මුදල වන රුපියල් මිලියන 15 යොදා කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරන ලදි. ඒ අනුව පරිසර වැඩසටහන් ,ග්‍රාමීය ප්‍රජා ජල යෝජනා ක්‍රම,මාර්ග සංවර්ධන වැඩසටහන්,වාරිමාර්ග යෝජනා ක්‍රම ආදියට වැඩි අවධානයක් යොමු කර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට තිරණය කරන ලදි.
AP/DMU-Matale