නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ සියළු මාධ්‍යවේදීයෝ එක් වෙති.

    දෙසැම්බර් 21, 2015
    මේ රටේ මාධ්‍යවේදීන් තම පෑන නිසි ලෙස හැසිරවීමෙන් මුලු රටම වෙනස් කිරිමේ හැකියාවත්, රටේ පවත්නා නීති පද්ධතීන් වෙනස් කිරීම  හැකියාවත් මේ රටේ මාධ්‍යයට ඇතැයි ශ්‍රි ලංකා පුවත් පත්පත් මණ්ඩලයේ සභාපති ජේෂ්‍යඨ නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පැවසුවේ දකුණු පළාත් සභාවේ ප්‍රවෘත්ති අමාත්‍යංශය විසින් සංවිධානය කොට ගාල්ල උණවටුන මිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති මාධ්‍ය වැඩ මුළුවකට එක් වෙමිනි.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා මේ වන විට පුවත්පත් ක්ෂේත්‍රයේ පවත්නා ප්‍රධාන ගැටළුවක් බවට පත් වි ඇත්තේ එහි පවත්නා අධිපතිවාදයයි ද පැවසීය.
     
    මේ වන විට පුවත්පත් මණ්ඩලයේ ලියා පදිංචි වි ඇති පුවත්පත් සංඛ්‍යාව 215 ක් වන අතර සැබවින්ම මේ රටේ ජනතාව මේ ප්‍රමාණයෙන් වැඩි වශයෙන් කියවන්නේ පත්තර 2-3 ක් පමණක් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය. ප්‍රාදේශිය මාධ්‍යවේදියා එවනු ලබන ප්‍රවෘත්තිය ඒ පත්තරේ ප්‍රධාන සිරස්තලය වි පත්තර දහස් ගණනක් එදින විකුනා ගත්තද එම ප්‍රවෘත්තිය අදාළ මාධ්‍යවේදියට ඒ සදහා ගෙවන්නේ ඉතා සොච්චන් මුදලක් යයි ද මේ තත්වය වෙනස් විය යුතු යයි ද පැවසු වෙල්ලාල මහතා මාධ්‍යෙව්දින් සදහා අඩුම තරමින් රැකියාව අවසානයේ ලබා ගැනිමට අර්ථ සාධක ක්‍රමයක් හෝ මෙතෙක් සකස්කර නැතිබවත් ඒ සම්බන්ධයෙන් කිසියක් සහනයක් ලබා දිම සදහා නීතිමය ප්‍රතිපත්තියක් ඇති කිරිමට තමන් මේ දිනවල අධ්‍යයනයක යෙදමින් සිටින්නේ යයි  ද පැවසීය.
     
    මෙම වැඩ මුළුව අමතා දකුණු පළාත් ප්‍රවෘත්ති අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර, කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, ජනාධීපති පාර්ලිමේන්තු සම්බන්ධි ලේකම් මියුරු භාෂන ලියනගේ  යන මහත්වරුන්ද අදහස් දැක්වීය. 
     
    මේ සඳහා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 150කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිහ ය.
     
     AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya