බදුල්ල ප්රදේශයේ පාඨකයන් සඳහා නවතම අවස්ථාවක් සලසාලමින් බදුල්ල නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතාගේ අදහසකට අනුව බදුල්ල මහ නගර සභාව මඟින් ඉදිකෙරුණු මෙම හරිත පුස්තකාලය බදුල්ල මහියංගන පාර අද්දර තුරු ලතා වලින් සමන්විත එළිමහන් භූමියක ඉදිකොට තිබේ.
මෙම හරිත පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට බදුල්ල නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර, හිටපු නගරාධිපති මිල්රෝයි රත්වත්තේ හා නාගරික කොමසාරිස් ඩබ්.රන්දෙනිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
AP/DMU-Badulla