බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් මත දිස්ත‍්‍රික් සමාජ සේවා නිළධාරී එස්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය මාගස්තොට ඇග්මා ඇග්‍රෝ ආයතනය මඟින් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වැඩ සටහන ක‍්‍රියාත්මක කෙරේ.
මේ යටතේ මේ වන විට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක තෝරාගත් පවුල් 120 ක් සදහා ස්ට්‍රෝබෙරි වගාව සම්බන්ධ මූලික පුහුණුව ලබාදී ඇති අතර පවුල් 60 ක් සදහා දෙවන වටයේ පුහුණුවද ලබාදී ඇත.
එහිදී බදුන්වල හෝ භූමියේ ස්ට්‍රෝබෙරි වගා කිරීම සම්බන්ධයෙන් පුහුණුව සමඟ වගා තාක්‍ෂණයද අවශ්‍ය පැලද නොමිලේ සපයන අතර ඔවුන්ගේ අස්වනු අදාළ සමාගම මගින් මිළදී ගැනීමටද නියමිත බව බදුල්ල දිස්ත‍්‍රික් සමාජ සේවා නිළධාරී එස්.රවීන්ද්‍ර මහතා පැවසීය.
AP/DMU-Badulla