මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක තේරීම්භාර නිලධාරින් හමුවේ ඊයේ (13) දහවල් 12.00 නාමයෝජනා පත්‍ර බාරගැනීම අවසන් කෙරෙණි.
බාරදුන් නාමයෝජනා පත්‍රවලින් 36ක් නිසි පරිදි නීතියට අනුව සකස් නොකිරීමේ පදනම මත තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව දේශපාලන පක්ෂ 12ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 24ක් ප්‍රතික්ෂේප වී තිබුණි.
මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් මෙසේය.
කොළඹ 792, ගම්පහ 588, කළුතර 286, කුරුණෑගල 468, පුත්තලම 264, මොනරාගල 96, බදුල්ල 165, ගාල්ල 221, මාතර 187, හම්බන්තොට 170,අනුරාධපුර 242, පොළොන්නරුව 88, රත්නපුර 280, කෑගල්ල 228, නුවර එළිය 253, මහනුවර 360,මාතලේ 176, ත්‍රිකුණාමළය 147, මඩකලපුව 368, දිගාමඩුල්ල 310 , යාපනය 210,වන්නි 252 වශයෙනි.
SDF