ජාතික නිවාස දිනයට සමගාමී ව ක්රියාත්මක කෙරෙන නිවාස සතිය පුරා විවිධ වැඩසටහන් ක්රියාත්මක කිරීමට ද නිවාස හා සමෘද්ධි අමාත්යංශය කටයුතු යොදා ඇත. මෙම සතිය 22දා සිට 29දා දක්වා ක්රියාත්මක කෙරේ.
ශ්රී ලංකාවේ සෑම පුරවැසියෙකුට ම නිවසක් හිමිකර දීමේ රාජ්ය ප්රතිපත්තිය සාර්ථක කරගැනීම උදෙසා වර්තමානයේ ක්රියාත්මක කරන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ඵලදායි අයුරින් ක්රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් ජාතික නිවාස දිනයක් ප්රකාශයට පත් කර ඇත.
DB