නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණැගල දිස්ත්‍රික්කයේ වී වගා හානි වන්දි ගෙවීම් කඩිනම් වෙයි

    ජූනි 20, 2015
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වග හානි වන්දි ගෙවීම් කඩිනම් වී ඇතැයි කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ.ආර්.එච්.කේ.සී.කේමරත්න මහතා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ප්‍රකාශ කර ඇත.
     
    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්  ගාමිණී ඉලංගරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් මෙම කමිටුව රැස්විය.
     
    පොහොර සහනාධරය යටතේ වී වගා රක්ෂණ ක්‍රමය ආරම්භයේ දී කොළඹ රක්ෂණ භාර අරමුදල මඟින් මෙය ක්‍රියාත්මක වූ අතර එහිදී සිදු වූ ප්‍රමාදයන් හේතුවෙන් මෙය කෘෂිරක්ෂණ මණ්ඩලය වෙත 2014 මහකන්නයේ සිට පවරා ඇත.
     
    මෙම කන්නයේ වගා හානි අයදුම්පත් 10401න් ලැබුණු අයදුම්පත් 7546කට මේ වනවිට ගෙවීම් කර අවසන් බවත් ඉතිරි අයදුම්පත් සියල්ලටම මේ මස අවසන්වීමට පෙර ගෙවීම් කර අවසන් කළ හැකි බවද  සහකාර අධ්‍යක්ෂවරයා පැවසී ය.
    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya