නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සමඟ අවබෝධතා ගිවිසුමක්

    ජූනි 18, 2015

    ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන පොල් පර්යේෂණ ආයතනය හා චීනයේ පොල් පර්යේෂණ ආයතනයේ නිවර්තන කෘෂිකාර්මික විද්‍යා අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.

     

    මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ පොල් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රෙය් ශක්තිමත් සහයෝගීතාවක් දෙරට අතර ස්ථාපිත කරගැනීමත් මෙම ක්ෂේත්‍රය තුළ විද්‍යාත්මක, තාක්ෂණික හා නිපුණතා සංවර්ධනය ඇතුළත් ඒකාබද්ධ පොල් පරියේෂණ හා සංවර්ධන වැඩසටහන් සකස් කිරීමත්ය.

     

    ඒ අනුව, ජනාධිපතිතුමා මෙම වසරේ මාර්තු මස චීනයේ සිදු කළ සංචාරය අතරතුරදී ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබා ගෙන ඇති අතර, එතැන් සිට ඉදිරි වර්ෂ තුන තුළ ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරනු ඇත.

     

    මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya