මෙහිදී අමාත්‍යතුමා පැවසුවේ, කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක පාරම්පරික වී වර්ග වගා කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 10,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ ඒ සඳහා අවශ්‍ය යෙදවුම් සහ කෘෂි උපදෙස් ලබාදීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට පියවර ගන්නා බවයි.
එම නිසා රසායනික පොහොර භාවිතයෙන් සිදුවන්නා වූ ලෙඩරෝග සඳහා ගොවීන් ගොදුරු නොවන බවත් එමෙන්ම දේශීය සහල් පරිභෝජනය මඟින් නිරෝගී පරපුරක් බිහිකළ හැකි වන වා සේම එම අස්වැන්න විකිණිමෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම ඉදිරියේ දී ඒ ඒ ප්‍රදේශයන් හි දේශගුණය, භූමිය සහ නිෂ්පාදනයන් අවශ්‍ය වන ප්‍රමාණය සලකා බලා එම සාධකයන්ට උචිත වන ආකාරයේ බෝග වර්ග ඒ ඒ ප්‍රදේශයන් හි වගා කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස්කළ යුතුයි. වී වගාවේ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පැරෂුට් වැනි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ගොවීන් අතර ප්‍රචලිත කිරීම අවශ්‍යයි. තමන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු ගෙවත්තේදීම වගා කළ හැකි ගෙවතු වගා ක්‍රම හුවමාරු බෝග වර්ග ප්‍රවර්ධන කිරීම යනාදී ඉලක්කයන් සපුරා 2025 වන විට සියලු බෝග වර්ගවලින් අපේ රට ස්වයංපෝෂිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය ඉදිරි වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
ගම්මිරිස්, කහ, ඉඟුරු යනාදී බෝග වර්ග වගාකිරීමේ නවීන ක්‍රම පිළිබඳ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවියන් දැනුවත් කර එම වගාවන් දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් එමඟින් රටේ ආර්ථික ශක්තිමත් කිරීමටත් දේශීය ගොවියා රැකගැනීමට හැකි වන බවත් අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
NDH