නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට ප්‍රදේශය ආවරණය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් එක්දින වැඩමුළු මාලාවක්

    ජූනි 21, 2015

    පරිසර හිතකාමී ගොවිතැන් ක්‍ර‍ම ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් සමෘද්ධිමත් ගොවිජන සමාජයක් බිහිකිරීම මෙන් ම නිරෝගී පරපුරක් බිහි කිරීමට දායක වීමේ අරමුණ ඇති ව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගයෙන් රජරට ප්‍රදේශය ආවරණය වන පරිදි එක් දින පුහුණු වැඩසටහන් මාලාවක් තෝරාගත් දිනයන් හි හා තෝරාගත් ප්‍රදේශන් හි පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.


    මෙහි සමාරම්භක වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙයි. වර්තමාන කෘෂිකර්මාන්තය මුහුණපාන ගැටලු හා අභියෝග, මානව සෞඛ්‍ය කෙරෙහි කෘෂි රසායනයන් හි බලපෑම, බෝග විශේෂිත මෙන් ම කෘෂි රසායන භාවිතය, තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් හරහා ගොවි සංවිධානවල කාර්යභාරය යනාදී මාතෘකා පිළිබඳ වඩා පුළුල් අවබෝධයක් ගොවි ජනතාවට ලබාදීම කෙරෙහි මෙම එක් දින වැඩමුළු මාලාව මඟින් කටයුතු කොට තිබේ.

    මේ පිළිබඳ වැඩි විස්තර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඇමතීමෙන් හෝ ආයතන වෙබ් පිටුව (HARTI.LK)ට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya