නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වී වගාවේ ප්‍රථම ස්ථානය කළුතරට

    ජූනි 12, 2015
     
    කාබනික පොහොර භාවිත කොට දේශීය වී වර්ග වගාකිරීමේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කය බවට කළුතර දිස්ත්‍රික්කය පත් වී ඇත.
     
    මා වී, සුවදැල්, මඩතමාළු, පච්චපෙරුමාල් වැනි දේශීය වී වර්ග රැසක් කුඹුරු අක්කර 1000ක පමණ වගාකොට අක්කරයකට බුසල් අසූවට වටා ඉහළම අස්වැන්නක් ලබාගැනීමට කළුතර දිස්ත්‍රික්කය සමත්ව තිබේ.
     
    පසුගිය මහ කන්නය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස කාබනික පොහොර භාවිතයෙන් ආරම්භකළ මෙම දේශීය වී වගාව අතිශය සාර්ථක වූ බව ගොවිජන සේවා සහකාර කොමසාරිස් බී.ඒ.එන්. දිල්රුක්ෂි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    ඉදිරි කන්නවලදී දේශීය වී වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි.
     
    කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග වගාකිරීමට ගොවීන් යොමුකරලීමේ රජයේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කය මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.
     
    DB / DMU Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya