නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර මාධ්‍යවේදීන් සඳහා නීතිය පිළිබඳ වැඩමුළුවක්

    ජූනි 13, 2015
    ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් මුහුණ දෙන නීතිමය තත්ත්වයන් පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් දිනක වැඩමුළුවක් පසුගියදා මාතර පොල්හේන සරසි උත්සව ශාලාවේදී පැවැත්විණි.
     
    මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයන්ත පතිරණ හා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් සේදර යන මහත්වරු සහභාගි වූහ.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට සම්බන්ධ මාධ්‍යවේදීන් 40කට අධික පිරිසක් සහභාගි වූ අතර රයිට්ස් නිව් ආයතනයේ අනුග‍්‍රාහකත්වය මත මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
     
    NDH/TI-dmu Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya