නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ පාසැල්වලට රුපියල් මිලියන 200 ක උපකරණ බෙදාදෙයි.

    ජූනි 11, 2015
     
    ඌව පළාතේ පාසැල් සඳහා උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගියදා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    ඌව පළාතේ පාසැල්වල විදුහල්පතිවරුන්ගේ රැස්වීමකදී මෙම පරිගණක උපාංග, ලී බඩු, කළු ලෑලි ආදී පාසැල් උපකරණ බෙදාදුන් අතර එහි  වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වේ.
     
    මෙම අවස්ථාවට ඌව පළාත්සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර, 
    ර.මු.රත්නායක, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
     
     AP/DMU- Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya