නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි විරෝධි දිනයට කුරුණෑගල එක් වෙයි

    ජූනි 02, 2015

    ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධි දිනය පසුගිය 31 වැනි දිනට යෙදී තිබුණු අතර එම දිනය සැමරීම වෙනුවෙන් පා ගමනක් සහ කොඩි අලෙවි කිරිමේ වැඩසටහනක් දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් ඊටේ (01) කුරුණෑගලදී පැවැත්විණි.

    සමාජයක් ගොඩනැඟීමේදී එහි කුඩාම තැනුම් ඒකකය පුද්ගලයා බවත් පුද්ගලයන්ගේ සහජීවනයෙන් ගොඩනැගෙන පවුල් ඒකකය විනාශ වන ප්‍රධානතම සාධකය දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය බවත් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා මෙහිදී පැවසීය.

    ගෝලීය දුම්වැටි වසංගතයෙන් ආසන්න වශයෙන් සෑම වසරකම මිලියන හයක ජනගහණයක් මිය යන අතර ඉන් 80% ක් ම අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන ජනතාව බවත් මෙම නිසා ජනතාව දුගී බවින් මිදීමට මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම ඉතා වැදගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙයට පිළියම් සෙවීම අරමුණු කරගෙන ලෝක දුම්වැටි දිනයට සමගාමීව දුම්වැටි නිවාරණ කොඩි වැඩසටහන මෙවර ද දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන අතර මතින් තොර විනය ඕනෑමයි රටකට යන්න තේමාව යටතේ කොඩි අළෙවි කිරීමේ වැඩසටහන පැවැත්වු අතර එම කොඩි අළෙවි කිරිමෙන් ලැබෙන ආදායම සමාජ සංවර්ධන අරමුදලට එක් කිරිමටද කටයුතු යොදා ඇත.

    එසේම මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් සිදුවන ආර්ථික හා සමාජීය පරිහානිය පිළිබඳව කුරුණෑගල නගරයට පැමිණෙන ජනතාව අතරට ගොස් දැනුවත් කිරිම, ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරිම, කාර්යාල පරිශ්‍ර ජනතාව දැනුවත් කිරිම සඳහා පා ගමනක් හා වීදි නාට්‍ය සංදර්ශන ද පැවැත් වූ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    DMU_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya