නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ පා ගමනක් ගාල්ලේ දී

    ජූනි 02, 2015

    ඡන්ද හිමියන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ දැනුවත් කිරීමේ පා ගමනක් ඊයේ (01) ගාල්ල නගරයේදී පැවැත්විණි.

    ඒ අවස්ථාව සඳහා කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමේන්තු නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටිය හ. ගාල්ල දිසා ලේකම් කාර්යාලයෙන් ආරම්භ කළ මෙම පා ගමන නගරය වටා සංචාරය කරමින් ජනතාව දැනුවත් කළේය.

    පසුව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරී වාස් ගුණවර්ධන මහතාගේ දේශනයක් ද පැවති අතර ග්‍රාම නිලධාරියාගේ කාර්යය භාරය පිළිබඳව එහි දී විශේෂ ඇගයීමට ලක්කළ බව ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය නියෝජනය කිරීමට අවශ්‍ය නිල අයිතිය ඡන්ද පත්‍රිකාවක් මඟින් සිවිල් පුරවැසියන්ට ලබා දීමටත් එය සුරක්ෂිත කරමින් මැතිවරණ අවස්ථාවන්හි දී ප්‍රකාශ කිරීමටත් රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින බවටත් එතුමා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළුව රාජ්‍ය  අංශයේ නිලධාරීහු රැසක්ද සහභාගී වී සිටිය හ.

    AP_dmu_Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya