නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ඇමැති හා බංග්ලාදේශ මහකොමසාරිස් අතර හමුවක්

    මැයි 21, 2015

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ බංග්ලාදේශ මහකොමසාරිස් තරික් අසන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (20) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ටූනා මත්සයින් අල්ලා ගැනීමේ ධීවර කටයුතු පිළිබඳ ශ්‍රී ලංකාවෙන් තොරතුරු හා පලපුරුද්ද ලබා ගැනීමත් ඒ හා සම්බන්ධ ධීවර වරාය හා ශිතාගාර පහසුකම් යනාදීය පිළිබඳ දැනුමක් ලබා ගැනීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.

     

    බංග්ලාදේශ මහකොමසාරිස් සමඟ එරට වාණිජ දුත පිරිසක් ද සහභාගී වු අතර ඔවුනට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනය කරන්නන්ගේ සංගමය හමුවීමට අවස්ථාවක් සලසා දෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

     

    2011 වර්ශයේ දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ධීවර කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළ අතර එය වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ යාවත්කාලීන කළයුතු බවට දේපාර්ෂවයම එකගත්වය පල කළහ.

    තවද, අමාත්‍යවරයාට බංග්ලාදේශයේ සංචාරය කරන ලෙස එරට රජය විසින් ආරාධනා කිරීමට අපේක්ෂා කරන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya