නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු නගර ව්‍යාපෘතියට මිලියන 6500ක්

    මැයි 21, 2015

    ලෝක උරුමයක් වූ ගාලු නගරය සංස්කෘතික, සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කළ උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ පමා කරමින් තිබූ කටයුතු කඩිනම් කිරීමට තමා මූලිකත්වය ගෙන කටයුතු කරන බැවින් දේශපාලන භේදයකින් තොරව ගාලු පුරයේ දියුණුවට කැමැත්තක් දක්වන දෙස් විදෙස් හි ජීවත් වන විද්වතුන්ට හා පුරවැසියන්ට දකුණු ලක සුන්දර නගරය නිර්මාණය කිරීමට ඔබේ අදහස් හා යෝජනා නොපමාව ඉදිරිපත් කරන්න යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    අමාත්‍යවරයා එසේ සඳහන් කළේ ගාලු නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ප‍්‍රගති සමාලෝචනය සඳහා ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

    නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ගාලු නගරය සංවර්ධනය සඳහා ලෝක බැංකු ආධාර රුපියල් මිලියන 6500ක් ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදීය. එහෙත් නිසි සම්බන්ධීකරණයක් හා විධිමත් පාලනයක් නොතිබීම නිසා මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඵලදායි ලෙස ක‍්‍රියාවට නංවා නොතිබිණි.
    පසුගිය සති අන්තයේ ගාලු දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙම ව්‍යාපෘතීන් කටයුතු ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ තත්ත්වය වාර්තා වීමත් සමඟ ගාලු දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති ගයන්ත කරුණාතිලක මහතා වහාම මැදිහත් වී ගාලු දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයන් හා ඊට අදාළ ආයතන නිලධාරීන් ඒකරාශි කර මෙම ප‍්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීය.

    මෙම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පෙරටුගාමි පක්ෂයේ ගාලු දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර යන පාර්ලිමේන්තු මහජන නියෝජිතවරු සහභාගි වූහ.

    තවදුරටත් සභාව ඇමතූ කරුණාතිලක මහතා, පසුගිය රජය සමයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය විසින් නතර කරන බවට සමහරුන් අසත්‍ය තොරතුරු පතුරනවා. එහෙත් එවැනි නතර කිරීමක් සිදුකර නෑ. මෙම ගාලු නගර ව්‍යාපෘතිය ගිය වසරේ ආරම්භ කළ කටයුත්තක්. 2014 - 2019 පස් අවුරුදු සැලැස්මක් තුළ කි‍්‍රයාත්මක කිරීමට ආරම්භ කළත් පසුගිය වසර පුරාම එම කටයුත්ත ආරම්භ කිරීමට එම රජය අපොහොසත් වුණා. ඊට හේතු වූයේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොතිබීමයි. එසේම ප‍්‍රජාව දැනුවත් කර නොතිබීමද අඩුපාඩුවකි. ගාලු නගරය දේශපාලන පක්ෂයන්ට අයිති වූවක් නොව එය මුළු රටේ ම අභිමානය ලෝකයට ගෙන යන ලෝක උරුමයක්. එම නිසා මෙම නගර සංවර්ධනය සැලසුම් කළ පරිදිම 2019 නිමකිරීමට මම මූලිකත්වය ගෙන කි‍්‍රයා කරනවා.

    සියලු ම මහජන නියෝජිතවරුන්ගෙන් ඊට අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරනවා. එසේම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ අදහස් හා යෝජනා නාගරික සංවර්ධන අමත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයට ලබා දෙන ලෙසටය. වසරක් පුරා මන්දගාමීව කළ කටයුතු ඉදිරි සිව් වසර තුළ නිමකිරීමට සියලු දෙනා එකමුතුව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ප‍්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට ගාලු දිස්ති‍්‍රක් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක සහ දකුණු පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සහභාගි වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya