නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ආබාධිත පුද්ගලයන්ට ස්වයං රැකියා පුහුණුවක්

    මැයි 15, 2015

    මාතලේ සමාජ සේවා සංගමය හා සිංහල නගරය සමාජ සත්කාරක ඒකකය මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආබාධිත පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවිමේ අරමුණින් ස්වංය රැකියා පුහුණු වැඩසටහනක් ආරම්භ කොට ඇති බව සිංහල නගරය ග්‍රාම නිලධාරි ලාල් කරුණාතිලක මහතා අප දිස්ත්‍රික් ප්‍රවෘත්ති ඒකකයට පැවසීය.

    ඒ අනුව පිහිට වූ ස්වශක්ති සංවිධානයට සම්බන්ධ ආබාධිත පුද්ගලයින් 40 දෙනෙකු පමණ මේ වන විට විවිධ ස්වයං රැකියා සඳහා පුහුණු කිරිමේ කටයුතු ආරම්භ කොට තිබේ.

     

    ඉවත ලන පොල් කටු, රෙදි කැබැලි ආදියෙන් විසිතුරු නිර්මාණ සකස් කිරිම මේ යටතේ සිදු කෙරේ.

     

    මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාව පසුගියදා පැවැත්වුණු අතර එම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කුලතුංග හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි විය.


    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya