නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන කමිටුව රැස්වේ

    මැයි 16, 2015

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවන් හි දී රාජ්‍ය සහ ස්වෙච්ඡා සංවිධාන බලමුළු ගැන්වීම මුලික අරමුණින් දිස්ත්‍රික් ආපදා කළමණාකරන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවා විතාරණ මහතාගේ ඊයේ (14) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මේ වන විට දිවයින වටා පිහිටි අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාවෙන් නිර්මාණය වන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම ද මෙහි තවත් එක් අරමුණක් විය. ඒ අනූව ආපදා කළමණාකරණ කමිටු යාවත්කාලීන කිරීම යටතේ දැනුම් දීමේ කමිටුව, මුදවාගැනීමේ කමිටුව, සහන කඳවුරු කමිටුව, අත්‍යාවශ්‍ය සේවා කමිටුව සහ සෞඛ්‍ය සහ සුභසාධන යන කමිටු 05 පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු විය.

     

    වෙරළ බඩ කලාපයන්ට ආවේණික ආපදා තත්ත්වයන් පිළිබඳවද මෙහි දී දැනුවත් කිරීම සිදු විය. ඒ අනූව තෙල් පිටාර ගැලීම්, වෙරළ ඛාදන සහ ටොනාඩෝ තත්ත්වයන් පිළිබඳවද දැනුවත් කෙරිණි.

     

    දිස්ත්‍රික්කයේ වෙරළ බඩ කලාපයන්ට අයත් සුනාමි කුළුණු, සහ කලපු තුලට ලවණ ගලා ඒම පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය. ග්‍රාමීය පෙදෙස් ආවරණය කරමින් ගලා බසින ඇල මාර්ගයන් හි ගැවසෙන කිඹුල් උවදුර පිළිබඳව ද වැඩි දෙනාගේ අවධානයට ලක් විය.

     

    2014 වර්ෂයේ සිට 2015 වර්ෂයේ මේ දක්වා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 තුළ හදිසි ආපදා කළමණාකරණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා 2600කට ආසන්න පිරිසක් සහභාගී කරවා ගැනීමට දිස්ත්‍රික් ආපා කළමණාකරණ මධ්‍යස්ථානයට හැකි වී තිබේ.

     

    දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර ලුතිනල් කර්නල් එස්.ඒ.එන්.ඩී එදිරිසිංහ මහතා සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටිය හ.

     

    MAP/SH_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya