නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක්

    මැයි 14, 2015

    දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැතිව පවත්වාගෙන ආ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සියලු පහසුකම් සහිතව නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණ නිරීක්ෂණ කිරීමෙන් අනතුරුව එහි ගොඩනැගිලි ගැටලු ඇතුලු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍යවරයා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණ පහසුකම් සහිත වෙනත් ස්ථානයක නව ගොනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළ අතර ඒ සඳහා ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    මෙම අවස්ථාවට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා, රුවන්වැල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තුසිතා විජේමාන්න ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya