දහම් පාසල් පවත්වන ඉරිදා දිනයන්හි වයඹ පළාත තුළ පෞද්ගලික උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය දැනුම් දීම හා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම පිළිබද දැනුවත් කිරීමේ විශේෂ ආගමික සමුළුව අද (25) පස්වරු 2.00ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
පළාතේ අති පූජනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියළු ම ආගමික නායකතුමන්ලාගේ අනුශාසනා මත ක්‍රියාත්මක මෙම සමුළුව සඳහා වයඹ පළාතේ සියලු ම ආගමික නායකයන් හා දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරු සහභාගිවීමට නියමිතය.
DB