නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා - ජපාන නිදහස් වෙළෙඳ ගිවිසුමක්

    අප්‍රේල් 19, 2015
    a jappanශී‍්‍ර ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට පියවර ගෙන ඇත.
     
    අදාළ නිදහස් වෙළඳ ගිවිසුම සඳහා මේ වසරේ දී අත්සන් තබන බව ශී‍්‍ර ලංකා - ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුව පවසයි.
     
    ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවැති ශී‍්‍ර ලංකා ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ වාර්ෂික මහා සමුළුවේදී මේ බව අනාවරණය විය.
     
    එහිදී අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා - ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ වාර්ෂික මහා සමුළුවේදී මේ බව අනාවරණය විය. එහිදී අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා - ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති දයා වෙත්තසිංහ මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්විය.
     
    ශී‍්‍ර ලංකා රජය චීනය සමඟ තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම 2014 වසරේ අවසන් වන විට කි‍්‍රයාත්මක කර තිබෙන අතර මීළඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ජපානය සමඟ ඇතිකර ගන්නා බවට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප‍්‍රකාශ කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    මේ නිදහස් වෙළෙඳ ගිවිසුම 2015 වසරේ කි‍්‍රයාත්මක වනු ඇතැයි විශ්වාසය පළ කළ සභාපතිවරයා ඒ අනුව ජපානය සමඟ ඇති කර ගන්නා සබඳතාවය සහ වෙළෙඳ කි‍්‍රයාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.
     
    මේ සඳහා අවශ්‍ය ආයෝජනයන් තම සාමාජිකයින් මඟින් සොයාගෙන මීට සම්බන්ධ වාර්තාවක් සකස් කොට ශී‍්‍ර ලංකා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කරන බවද ශී‍්‍ර ලංකා - ජපාන ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති දයා වෙත්තසිංහ මහතා මාධ්‍යයට පැවසීය.
    PIRU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya