නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරුවන් සමරා බියගම දී පිංකමක්

    අප්‍රේල් 12, 2015
    පසුගිය සමයේ දී ශ්‍රී ලංකාවේ පැවති රුදුරු එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සිය ජීවිත පූජාවෙන් සටන් වැදුණු රණ විරුවන්ට පිං පැමිණවීම සඳහා පසුගිය දින බියගම රුවන් විජයවර්ධන බෞද්ධ පදනම විසින් දානමය පිංකමක් සංවිධානය කර තිබුණි. මෙම පිංකම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ දායකත්වය හා මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
     
    බෞද්ධ භික්ෂූන් වහන්සේලා 135 දෙනෙකු විෂයෙහි දානය පිළිගැන්වීම රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙහිදී පසුගියදා අපවත් වී වදාළ අස්ගිරිය පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේටද නිවන් සුව පතා පිං පැමිණවීම සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එදා අප මාතෘ භූමිය බේරා ගැනීම සඳහා සිය ජීවිත පිදූ රණ විරුවන් මෙන් ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඉතා උදාර පරිත්‍යාගයක් සිදු කළ බව පවසා සිටි අතර එල් ටී ටී ඊ රුදුරු ත්‍රස්තවාදය හේතුවෙන් රටට අහිමිවූ සෙසු දේශප්‍රේමීන්ට ද මෙකී දානමය පිංකම මගින් පිං පමුණුවන බව පවසා සිටියේය. එසේම මේ සඳහා දායකවූ සියලු ම දෙනාට සිය අවංක ස්තූතිය පුද කිරීමට ද රුවන් විජයවර්ධන මහතා මෙහිදී අමතක නොකළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya