මෙම නොමිලේ වයිෆයි ලබා දීමේ පහසුකම නොබෝදා නිල වශයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ කෙරිණි.
කොළඹ කොටුව දුම්රියපොළ, පොදු හා පෞද්ගලික බස් නැවතුම්පොළ, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව, කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය, කොළඹ නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, දෙහිවල සත්වෝද්‍යානය, පොලොන්නරුව මූලික රෝහල, මාතර බස් නැවතුම්පොළ, පොලොන්නරුව දුම්රිය ස්ථානය, මාතර දුම්රිය ස්ථානය ඇතුලු දිවයිනේ පොදු ස්ථාන 26ක මෙම වයිෆයි කලාප මේ වන විට ස්ථාපිත කර තිබේ.
එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512ක වේගයකින් යුතු මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුලු මෙරට ප්‍රධාන පෙළේ රජයේ සහ පෞද්ගලික දුරකතන ආයතන රැසක සහාය මේ සඳහා ලැබී තිබේ.
දිවයින පුරා නොමිලේ වයිෆයි පහසුකම් ලබා දෙන ස්ථාන දහසක් ස්ථාපිත කිරීම වත්මන් රජයේ අපේක්‍ෂාව වන අතර දකුණු ආසියාතික රටවල් අතරින් මෙවැනි පහසුකමක් ජනතාවට ලබා දෙන ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වේ.
ECB