අමාත්‍යවරයා ඊයේ (31) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේ මේ බව පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සොයා බැලීමත් සහ ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහාත් පියවර ගැනීමයි.
මහජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ඖෂධීය නාමය යටතේ උසස් තත්ත්වයෙන් ආරක්ෂාකාරීව හා ගුණාත්මකව නිපදවා ඉතා සාධාරණ මිලට අලෙවි කිරීම අරමුණ පෙරදැරිව, මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍ය එස්.ඒ. වික‍්‍රමසිංහ වාර්තාවේ නිර්දේශයන්ට අනුව වර්ෂ 1987 දී ජපන් රජයේ පරිත්‍යාගයක් වශයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පිහිටුවීය.
එදින පටන් අද දක්වා දේශයේ ප‍්‍රධානතම හා විශාලතම ඖෂධ නිෂ්පාදනායතනය ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව තම කාර්යභාරය වගකීමකින් ඉටුකරනු ලබයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතු යන්ත්‍රෝපකරණ භාවිතය හා ජපාන හා ජර්මන් තාක්ෂණික අත්වැල උසස් මට්ටමේ ඖෂධ නිෂ්පාදනය තහවුරු කරයි. මෙහි නිපදවන ඖෂධ ප‍්‍රමිතියෙන් උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීමත්, එම ඖෂධ සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට ලබාදීමත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ප‍්‍රධානම අරමුණ වේ. පිළිගත් සම්මතයන්ට අනුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශිත යහපත් නිෂ්පාදන ක‍්‍රම අනුව ඉතාමත් දැඩි සෞඛ්‍යාරක්ෂක තත්ත්වයන් යටතේ බි‍්‍රතාන්‍ය (BP), ඇමරිකා එක්සත් ජනපද (USP) හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි.
වාර්ෂිකව කරල් සහ පෙති වර්ග ඒකක මිලියන 2000 ඉක්මවා ඖෂධ නිපදවන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 47කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන අතර, ඊජිත්තුව, මියෙන්මාරය, පිලිපීනය, ෆීජි දුපත්, බංග්ලාදේශය හා පැපුවා නිව්ගිනියා රටවල් සඳහා ද ඖෂධ අපනයනය කරනු ලබයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් පසු අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“අපි බිහිකරපු නව රජයේ ප‍්‍රධානම පොරොන්දු දෙකක් වන්නේ දුම්කොළ පනත ගෙන ඒම සහ ඖෂධ පනත ක‍්‍රියාත්මක කිරීම වේ. ඒ දින සියයේ වැඩපිළිවෙළට අනුව අපි පොරොන්දු වුණේ මාර්තු මාසේ 18 වනිදා වෙනකොට සිදුකරන්න, මාර්තු මාසේ 02 වෙනකොට දවස් 16 කට කලින් අපි මේ පනත් දෙකම සම්මත කර ගත්තා. දැන් අපිට තිබෙන්නේ ඖෂධ මිල පාලනය කර ගැනීම. මෙහිදී පාලනය නොවෙයි අපි නියාමනය කිරීමයි සිදුකරන්නේ.
විවෘත ආර්ථීක වෙළෙඳපොලේ මිල පාලනය කරන්න බැහැ. නමුත් නියාමනය කිරීම අපි කරනවා. ලංකාවට එන ඖෂධවල මිල කොපමණද කියලා බලලා ඒ අනුව ලාභය අපිට තීන්දු කළ හැකියි. ඒක මම තව ටික දවසකින් ඒ දෙය කරනවා. දැන් මම මේ සම්බන්ධ විශේෂඥයින්ට කියලා තියෙනවා ලංකාවට ගෙන්වනු ලබන සියලුම ආනයනික ඖෂධවල සී.අයි.එෆ් මිල කීයද කියලා මට කියන්න කියලා. එතකොට ලාභය විද්‍යාත්මකව තීන්දු කරන්න පුළුවන්. එතකොට තව සුළු කාලයක් යනකොට ඖෂධ මිල අඩු මට්ටමකට ගේන්න පුළුවන්.
ඖෂධ වෙළෙඳපොලේ විශාල වැඩ කොටසක් මෙම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් සිදුකරනු ලැබුවා. විශාල ලාභයකකුත් ඇති කළා. රාජ්‍ය සංස්ථාවලට ව්‍යාපාරික කටයුතු කරන්න බැහැයි කියලා කියන එක බොරුවක්. අපි මීට පස්සේ රජයට ඕන සියලුම ඖෂධ මිලදී ගන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන්. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට සපයන්නට බැරි ඖෂධ විතරයි අපි පුද්ගලික අංශයෙන් ගන්නේ.
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අවුරුදු 03 ක් ඇතුළත ලංකාවට අවශ්‍ය සියළුම ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කිරීමට. ඒ වෙනුවෙන් මම මේ වනවිට රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරලා තියෙනවා. ආයෝජකයෝ ඇවිල්ලා සාකච්ඡා කරගෙන යනවා ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ගැන. එක යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහාවන ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරයක් බිහිකිරීම සම්බන්ධව අපි ඒක බිහි කරනවා. එතකොට මේ රටට අවශ්‍ය ඖෂධ සියල්ල අපි මේ රටේම හදනවා.
මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරලා ඉන්දියාවට යවන්න පුළුවන්, මොකද ඉන්දියාව සමග අපේ නිදහස් ගිවිසුමක් තිබෙනවා ඉන්දියාව කියන්නේ විශාල වෙළෙඳපොලක්. ලංකාවේ වෙළඳපොලට කවුරුවත් එන්නේ නැහැ. ලංකාවේ නිෂ්පාදනය කළාම බදු නැතුව ඉන්දියාවට යවන්න පුළුවන්. එතකොට විශාල ලාභයක් තිබෙනවා. එත් එක්කම අපි ඉදිරියේ දී පකිස්තානය,චීනය වැනි රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගන්නවා. එතකොට අපේ නිෂ්පාදනවලට විශාල වෙළෙඳපොලක් අපිට ලැබෙනවා.“ යැයි ද වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති සයුරු සමරසුන්දර මහතා, සාමාන්‍යාධිකාරි සුජීවා ජයසුන්දර මහත්මිය, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගමි මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන අතුල කුරුප්පු මහතා සහ සමීර ජයකොඩි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.