1888 වර්ෂයේ උද්‍යාන ප්‍රදර්ශනයකින් ආරම්භ කෙරුණු මෙම වසන්ත සැනකෙලිය වඩාත් විධිමත්ව 1988 වර්ෂයේ සිට මේ වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ මෙහෙය වීම මත මෙවරත් මෙම නාගරික ප්‍රදර්ශන උළෙල ආරම්භ කෙරිණි.
නුවරඑළියට පමණක් ආවේණික වූ තුරඟ තරඟ, විශේෂ මල් ප්‍රදර්ශනය සහ යතුරුපැදි තරඟාවලි රැසක් මෙවරත් වසන්ත උළෙල වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නුවරඑළිය වසන්ත සැනකෙළිය දෙස් විදෙස් සංචාරක බොහෝ දෙනෙකුගේ අවධානයට ප්‍රාත්‍ර වූවක් වන අතර මෙම අප්‍රේල් මාසය තුළ සංචාරකයන් බොහෝ පිරිසක් නගරය තුළ දැක ගත හැකි වීම සුලභ දසුනකි.
අද දින පැවති සමාරම්භක උළෙල සඳහා දේශපාලන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ රජයේ නිලධාරීන් සහ පාසල් රැසක දුවා දරුවන් තූර්ය වාදන කාණ්ඩයන්ගෙන් සැදුම්ලත්ව සහභාගී වී සිටිය හ.
MAP/SH_dmu_n'eliya