ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී ලේකම්වරයා මෙම ඉල්ලීම සිදු කළේය.
බදුල්ල දිස්ත්‍රික්කය මුල්කර ගෙන අඩුපාඩුකම් සහිත පන්සල් සහ දහම් පාසල් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පාසල් දරුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පහන් කූඩු තරග, ශ්‍රමදාන වැඩසටහන් ආදීය පැවැත්වෙන බව ද ඒකනායක මහතා සඳහන් කළේය.
දන්සල් සඳහා බැතිමතුන් යොමු කරවා ගැනීම සඳහා බෞද්ධ කොඩිය වෙනුවට කහ කොඩියක් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද ස්වාමින් වහන්සේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm