නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ මීගස්මුල්ල මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කෙරුණු මෙම වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මීට වසර 105කට පෙර මෙම ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ කෙරුණු අතර කාන්තාවන් උදෙසා සම අයිතිය දිනා ගැනීම මෙහි මූලික අරමුණ විය.
නුවරඑළිය දිස්ත්‍රික්කය දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව කාන්තා වෘත්තිකයන් ඉහළ අගයක් ගනී. වැවිලි ආර්ථිකය වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය අති විශාලය. මෙහිදී කාන්තාවන්ගේ වගකීම්, වෘත්තිය අයිතීන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි
මෙම අවස්ථාව සඳහා නුවරඑළිය පොලිස් අධිකාරිතුමා ඇතුළුව පොලිස් නිලධාරීන්, කාන්තා බල මණ්ඩල, දුවා දරුවන් සහ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටිය හ. මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කොට තිබිණි.
MAP/SH_dmu_n'eliya