නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට නිදහස් "වයි ෆයි" කලාප 26ක්

    මාර්තු 30, 2015
    නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ නිදහස් ‘වයි ෆයි‘ කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උළෙල අද (30)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විමට නියමිතය.
     
    අද පෙරවරු 10.00 කොටුව දුම්රිප ස්ථානයේ පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට සමඟාමී ව පිටුකොටුව ලංකා ගමනාගමන මණ්ඩල බස් නැවතුම්පොළ, පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ, කොටුව පාවෙන වෙළෙඳ 
    සංකීර්ණය, නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, තුරඟ තරග පිටිය, පොලිස් මූලස්ථානය, ගාලු මුවදොර ක්‍රීඩාංගණය, බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්වෝද්‍යානය, පොලොන්නරුව දුම්රිය ස්ථානය, පොලොන්නරුව මූලික රෝහල, ගාල්ල දුම්රිය ස්ථානය, ගාල්ල කරාපිටිය මුලික රෝහල, මාතර දුම්රිය ස්ථානය, මාතර බස්නැවතුම්පොළ, හම්බන්තොට උද්භිත උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දළඳා මාලිගාව, මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙනිය දුම්රිය ස්ථානය හා රත්නපුර ජාතික කෞතුකාගාරය යන ස්ථානයන් සඳහා ද නිදහස් අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරේ.
     
    වත්මන් රජයේ දින සියයේ ජාතික වැඩසටහනට සමඟාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya