නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජල දින සැමරුම් උළෙල මාර්තු 22දා

    මාර්තු 16, 2015
    මෙවර ලෝක ජල දින සැමරුම් උළෙල මාර්තු 22දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    ජලය හා තිරසාර සංවර්ධනය යන්න මෙවර ජල දිනයේ තේමාව වී ඇත.
     
    ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය හා රුහුණු විශ්වවිද්‍යාලය එක්ව මෙම උළෙල සංවිධානය කරනු ලබයි.
     
    1992 වසරේ දී බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ දී සෑම වසරක ම මාර්තු 22දා ලෝක ජල දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාව 1994 වසරේ සිට ලෝක ජල දිනය සමරා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya