නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන යෝජනා දෙකකට ජපානයෙන් රුපියල් කෝටි 7800ක්

    මාර්තු 10, 2015
    දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක (රුපියල් කෝටි 7,800) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි අදියර සහ විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම ආධාරය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තම රජය තීරණය කර තිබෙන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. සහන ණය ආධාරය 1%ක සහන පොළී අනුපාතයක් යටතේ වසර 40ක කාලයකින් ගෙවා දැමිය හැකි වන අයුරින් ලබාදීම සිදු කෙරේ.  
     
    ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මියෝ මයෙදා (Mio Maeda) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි  ඇති අතර ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
     
    ඒ මහතාගේ මෙම නිල සංචාරය අතරවාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු හමුවී සාකච්ඡා පවත්වා ඇත.
     
    මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන පැමිණි ජපානය ඉදිරියටත් සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් අවශ්‍ය සෑම අවස්ථාවකදී ම ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම රජය පියවර ගන්නා බවද මියෝ මහතා මෙහිදී සඳහන් කොට ඇත.
     
    ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය වෙනුවෙන් වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන අතර ම දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා එම තත්ත්වය අගය කරන බවද ඉදිරියටත් සහාය ලබාදීමට පියවර ගන්නා බවද මියෝ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    DB/www.defence.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya