සමාජ මාධ්‍ය වාරණය කිරීමක් බලාපොරොත්තු නොවන බවද මේ තුළින් අසත්‍ය අපහාසාත්මක, උපහාසාත්මක ආගමික, වාර්ගික වෛරයන් ඇතිවන, ළමා අපයෝජන සිදුවන ඒවාට අනුබල දෙන අසත්‍ය පතුරවා හැර ඒ තුළින් සමාජයේ යහපැවැත්මට අවහිර වන දේ නියාමනය කිරීම වැළැක්වීම සඳහා අධිකාරියක් ඇති කිරීම මෙම පනතේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඔක්තෝම්බර් මස 01 දිනය යෙදුනු ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගාල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවල විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෛද්‍ය කඳවුරු දෙකක් සංවිධානය කරන ලදි.