මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිස් නෝනිස් ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ධූරයට

    මාර්තු 07, 2015

    බ්‍රිතාන්‍ය හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත් කෙරේ. ඒ මහතා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඒ මහතා සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් දිනාගත් නෝනිස් මහතා ප්‍රාමාණික බුද්ධිමතෙකු ලෙස ද ප්‍රකට ය. ජාත්‍යන්තර සංවිධාන ගණනාවක ඉහළ නිලතල දරා ඇති ක්‍රිස් නෝනිස් මහතා රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයට ද එක් වූ කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකි. පසුව එහි නියෝජ්‍ය සභාපති තනතුර හෙබවීමට ද ක්‍රිස් නෝනිස් මහතා සමත් වෙයි.

    බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ වකවානුවේ බ්‍රිතාන්‍යය රාජ්‍යයත්, සිවිල් සමාජය සේම ව්‍යාපාරික ප්‍රජාව ද සමඟ සමීප සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තර කිරීමට ඒ මහතාට හැකි විය. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ඩයස් පෝරාව ගෙන ගිය දුර්මතයන් පරාජය කිරීමට සමත්වීම තුළින් ද ක්‍රිස් නෝනිස් මහතා සිය කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බව තහවුරු කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya