මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රී හෙට බ්‍රිතාන්‍යයට

    මාර්තු 06, 2015
    බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිනගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට ( 07) සිට සිව් දින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
     
    ‍බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව ප්‍රවේශයක් වන මෙම සංචාරය අතරතුර දී මහ රැජින සමඟ විශේෂ හමුවකට මෙන් ම දිවා භෝජන සංග්‍රහයකට ද එක් වන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවකට එක් වීමට නියමිතය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අතරවාරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙස 09දා ලන්ඩන් නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හමුව ද එක් වීමට නියමිතය.
     
    ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරු ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එතුමාගේ දෙවන විදේශ නිල සංචාරය ද මෙය වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya