මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධගයා අනු රූ විහාර මන්දිරය ජනපති සුරතින් විවෘත වේ

    මාර්තු 05, 2015
    රත්නපුර, රත්ගඟ පුංචි දඹදිව අසූ මහා ශ්‍රාවක බුදුරාජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධගයා අනු රූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ‍‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවැත්විණි. 
     
    අද (05) පෙරවරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාර මන්දිරය සහ බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරස්ථානයේ සමන් දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
     
    ඉන් අනතුරුව අභිනව විහාර මන්දිරය විවෘත කරමින් එහි ප්‍රථම මල් පූජාව සිදු කළේය. 
     
    විහාරාධිපති පූජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
     
    ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විහාර පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීම ද සිදුවිය.
     
    ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කථා බහක නිරත විය.
     
    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. මීට අමතර ව අමාත්‍යවරුන් කරූ ජයසුරිය, විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya