මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය' ඉදිකිරීමට කෝටි 13ක්

    මාර්තු 03, 2015

    පලස්තීනයේ ගාසා තීරයේ 'මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය' ඉදිකිරීමට හිටපු ජනාධිපතිවරයා රුපියල් කෝටි 13ක මුදලක් වෙන් කිරීම සාධාරණ නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසී ය.

    දේශපාලනඥයා ජනතාවට සේවය කිරීමට මිස ජනතාවගේ මුදල්වලින් ඉදිකරන ව්‍යාපෘතිවලට නම් යෙදීමට කටයුතු නොකළ යුතු බව කී වික්‍රමසිංහ මහතා ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන හා බණ්ඩාරනායක යන මහත්වරුන් ගෙන ආ ප්‍රතිපත්ති මහින්ද චින්තනය හරහා වෙනස් කළ බව ද පෙන්වා දුන්නේය.

    සිය පෞද්ගලික වියදමින් ඉදිකරන ව්‍යාපෘති සඳහා නම් යොදා ගන්නේ නම් ඊට වරදක් නැතැයි ද ජනතාවගේ මුදල් වියදම් කර ඉදිකරන ව්‍යාපෘතිවලට නම් යොදාගැනීම කණගාටුවට කරුණක් බව ද පැවසී ය.

    මීට අමතරව ලංකාව තුළ ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් සඳහා විශාල ලෙස මුදල් වැය කර ඇති බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා, සමහර නිවාඩු නිකේතනවල කාමර පනහ ඉක්මවා ඇති බව ද කීවේය.

    ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ නම් ඉදිකළ ගොඩනැගිලි සඳහා යොදා ගැනීම නතර කරනවා ද යන්න පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ අතුරු ප්‍රශ්නයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන්ගේ නම් භාවිත කිරීම තමා අනුමත නොකරන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya