මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1 සිට 5 දක්වා පාසල් සිසුන්ට අාහාර වේලක් ලබාදීම ගැන සාකච්ඡා

    මාර්තු 03, 2015

    පළමු වසර සිට පහ වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ආහාර වේලක් ලබාදීමට සාකච්ඡා කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (03) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික ප්‍රශ්න යොමු කර තිබුණි.

    පාසල්වල දරුවන් 25%ත් 30%ත් ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳ ව කරුණු ප්‍රකාශ කළ අමාත්‍යවරයා,''ඉවක් බවක් නැතිව පාසල්වල සල්ලි එකතු කර තිබෙනවා. කොළඹ පාසලක් වසරක් තුළ ලක්ෂ 1400ක් එකතු කර තිබුණා''යැයි පැවසීය.

    මුදල් එකතු කරනවා නම්, එයට රේඛීය අමාත්‍යාංශයේ අවසරය මත එකතු කරන්න කියා තිබෙන්නේ. එහෙත් චක්‍රලේඛය උල්ලංඝනය කර කටයුතු කරනවා නම් එය ක්‍රමයෙන් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya