මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියැන්මාරයේ රඳවාගෙන සිටින ධීවරයන් මුදවාගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක්

    මාර්තු 03, 2015
    මියැන්මාරයේ රඳවාගෙන සිටින ධීවරයන් මුදවාගැනීම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමකින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
     
    ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් මෙසේ පැවසී ය.
     
    මියැන්මාරයේ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු 3ක් සහ ධීවරයින් 15 දෙනෙකු රඳවාගෙන සිටින බවත් ඒ සඳහා රජයේ මැදිහත්වීමක් නැතැයි අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් පැවසීය.
     
    මේ පිළිබඳ ව අප විදේශ නියෝජිතයන් සමඟ කතා කරනවා. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් තුළ ,ධීවරයන් මුදවාගන්නට පුළුවන් කියා විශ්වාස කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය
     
    මෙහිදී ටූනා මසුන් මිලදී ගැනීම පිළිබඳ ව අදහස් පළ කළ අමාත්‍යවරයා, හොඳම මට්ටමේ ටූනා මසුන් කිලෝ 1ක් සඳහා රුපියල් 600ක් මිලට ගැනීමට කටයුතු කරනවා. හෙට සිට මිලදී ගැනීම ආරම්භ කරනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya