මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත පාර්ලිමේන්තුවට

    මාර්තු 03, 2015
    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    මේ සම්බන්ධයෙන් වන විවාදය හෙට (04) දින පැවැත්වෙයි.
     
    ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම සහ එකී ඖෂධ, වෛද්‍ය උපකරණ හා සීමාස්ථ නිෂ්පාදනවලට අදාළ වෙනත් සියලු කරුණු සහ සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ද; ඖෂධ නියාමන අංශය, වෛද්‍ය උපකරණ නියාමන අංශය, සීමාස්ථ නිෂ්පාදන නියාමන අංශය සහ සායනික පරීක්ෂණ නියාමන අංශය ඇතුළු ජාතික
    ඖෂධ නියාමන අධිකාරියේ අංශ පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම සඳහා ද; 1980 අංක 27 දරන විලවුන්, උපකරණ සහ ඖෂධ පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.
     
    අවස්ථා ගණනාවකදීම නව රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ජාතික ඖෂධ පනත ගෙන ඒමට උත්සාහ කළේ ය. නව රජයේ දින සියයයේ වැඩසටහන යටතේ ප්‍රමුඛ කාර්යක් ලෙස ජාතික ඖෂධ පනත ගෙන ඒමට කටයුතු කළේය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya