මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 03, 2015

    වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.


    වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු ග්‍රන්ථයද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ගලගම ධම්මදස්සි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පොලොන්නරුව සොළාස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬුරුවේ උපාලි, විද්‍යාලංකාර පරිවේණාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම යන නායක ස්වාමින් වහන්සේලා ද, වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝබිත නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

     

    අමාත්‍යවරුන් වන කරූ ජයසුරිය, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.නාවින්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.

     

    SDF

    su1su2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya