මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් ගොඩනැගෙන්නේ බටහිරින් එන දේ මත නොවේ - ජනපති

    මාර්තු 02, 2015

    රටක් ගොඩනැගෙන්නේ බටහිරින් එන දේ මත නොව තම සංස්කෘතියඅතීත උරුමය සහ දේශීයත්ව මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ලෝකයේ දියුණු රටවල් දෙස බැලීමේදී එම සියලු රටවල් ගොඩනැඟී ඇත්තේ තමන්ගේ භාෂාවඅනන්‍යතාවය සහ සංස්කෘතිය මත බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ රටේද භාෂාවසාහිත්‍ය,සංස්කෘතිය සහ කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ යුතුකම සහ වගකීම බව පැවසීය.

     

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 83 වන සංවත්සර උත්සවයට පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී එක් වෙමිනි.

     

    සිංහල කවි සම්මේලනයේ සංවත්සර උත්සවයකට ජනාධිපතිවරයෙකු එක්වූ ප‍්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊට එක්වූ අතර සිංහල කවි සම්මේලය වෙනුවෙන් ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගැනිණ.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීයත්වයඅපේකමඅපේ උරුමය රැක ගැනීමට කැපවී ප‍්‍රතිඥා දුන් රජයක් ලෙස අපේ සාහිත්‍යධරයන් මෙන්ම කවියන්ගේ නිර්මාණ ශිලිත්වය වර්ධනය කරමින් ඔවුන් ශක්තිමත් කිරීමට රජයක් ලෙස ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවයි.

     

    අපේ සිංහල භාෂාවපෞඩත්වයකීර්තිය සහ ගෞරවය මුළුමහත් ලෝකයට ම කියාපාන ප‍්‍රභල මාධ්‍යයක් වන කවියේ වටිනාකම ඇතැම් අවස්ථාවලදී අපගේ දේශපාලනඥයින් විසින් හඳුනා නොගැනීම හේතුවෙන් කවියට හිමි විය යුතු නිසි තැන හිමි නොවූ බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    එදා ජාතික නිදහස් අරගලයේදී අපේ කවියන් දේශය අවධි කරන්නට සිය පෑන් තුඩ භාවිත කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා 56 සමාජ විප්ලවයේදීද කවියන් සිය නිර්මාණශීලිත්වය තුළ මහඟු යුග මෙහවරක් ඉටුකළ බව පැවසීය.

     

    එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදීද සිංහල කවි සම්මේලනය ඇතුළු කවීන් තම නිර්මාණශීලීත්වය ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මාධ්‍යයක් ලෙස යොදා ගනිමින් එම සමාජ පෙරළිය සඳහා තම දායකත්වය ලබාදුන් බව ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

     

    සිංහල කවි සම්මේලනයේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද කාව්‍ය සංග‍්‍රහයන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්කවි සමුළුවේ සභාපති ආචාර්ය පියසේන රතුවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya