මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන්ට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රදානත්වයෙන්

    මාර්තු 01, 2015

    කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධූරයට පත් ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ වෙත මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.


    අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ විසින් උන්වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වූහ.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලාද, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන්වන කරූ ජයසූරිය, පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya