මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද හමුදාපති සහ හිටපු යුද හමුදාපති ජනපති හමු වෙති

    පෙබරවාරි 25, 2015
    නව යුද හමුදාපතිවරයා වශයෙන් වැඩ භාරගත් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී ඇරඹීමෙන් පසු ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
     
    නව යුද හමුදාපතිවරයා වෙත සිය සුභ පැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඒ මහතා සමඟ සුහද කථා බහක ද නිරත විය. සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණ පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
     
    මේ අතර විශ්‍රාම ලැබූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාද ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු විය. ඒ මහතාට ද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පළ කළ අතර එතුමා ජනාධිපතිතුමා වෙත සාම්ප්‍රදායානුකූලව සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya