මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ වැඩපිළිවෙළ සිංගප්පූරු විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට

    පෙබරවාරි 25, 2015
    නව රජය කි‍්‍රයාත්මක කර ඇති යෝජනා ක‍්‍රම පිළිබඳ ප‍්‍රසාදය පළ කළ සිංගප්පූරු විදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගන් මහතා විවිධ ක්ෂේත‍්‍රයන් හි දෙරට අතර පවත්නා ශක්තිමත් සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට එම නව ප‍්‍රතිපත්ති රාමුව තුළින් අවකාශ ලැබෙනු ඇති බව පැවසීය.
     
    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිංගප්පූරු විදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගන් මහතා ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.
     
    විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ සුභසිද්ධිය උදෙසා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ ව ඔහු සිය සතුට පළ කළේය.
     
    ශී‍්‍ර ලංකාවේ ඉංගී‍්‍රසි ගුරුවරුන් සහ තාක්ෂණ ශිල්පී පුහුණුව සඳහා සහාය දැක්වීමට ද සිංගප්පූරු රජය ඉදිරිපත් වී ඇති අතර එය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මහත් ඇගයීමට ලක් විය.
     
    මෙම ව්‍යාපෘතිය තුළින් පුහුණු ගුරු හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව පෙන්වා දුන් සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා එම පුහුණුව ලැබු ගුරුවරුන්ට තම දැනුම උපයෝගී කර ගනිමින් දේශීය වශයෙන් ගුරු පුහුණු කටයුතුවල නිරත විය හැකි බවද පෙන්වා දුන්නේය.
     
    ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරණ සමයේ දී ගත් පියවර අතරින් දෙරටේ අක්ෂි බැංකු අතර ඇති කරගත් ගිවිසුම වඩාත් ඵලදායක බවද ඔහු සඳහන් කළේය.
     
    ශී‍්‍ර ලංකාවේ නව කර්මාන්ත යෝජනා ක‍්‍රම සඳහා සිංගප්පූරු ව්‍යාපාරිකයන් දිරිමත් කරන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයාට පැවසීය.
     
    සිංගප්පූරුව ඉහමත් ප‍්‍රගතියක් ලබා ඇති සංචාරක ක්ෂේත‍්‍රයේ දී දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් තර කර ගත හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මැතිතුමා දේශපාලන ලෝකයට ඉමහත් ආදර්ශයක් ගෙන දුන් නායකයෙක් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එතුමාගේ චරිත කථාව සිය පුස්තකාලයේ තිබෙන වැදගත් ම කෘතියක් යැයි ද සඳහන් කළේය. දැනට රෝගාතුරව සිටින ලී ක්වාන් යූ මැතිතුමාට ඉක්මන් සුවයත්, දීර්ඝායුෂත් ප‍්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජාත්‍යන්තර තලයේ දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් සහතික කළ සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සිංගප්පූරුවේ චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් පැමිණෙන ලෙසද සිය රජය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ආරාධනා කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya