අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ දරුවන්ට 5 වසර ශිෂ්‍යත්ව

    මැයි 04, 2014

    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක 5 වසර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඊයේ (03) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


    දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ලකුණු ලබා ගනිමින් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 100 දෙනෙකු සඳහා ජනාධිපතිතමා මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.


    2013 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා සිසුවාට විශේෂ තිළිණයක් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු විය.


    මේ අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති කේ.එම්.ඒ. ගොඩවත්ත යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/pmu-pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya