සිංගප්පූරු විදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගන් මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. නිල සංචාරයක් සඳහා ඊයේ (23) දිවයිනට පැමිණි ෂන්මුගන් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූ අතර මෙරට රැඳී සිටින අතරවාරයේ දී අමාත්‍යවරුන් හා රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවීමට ද නියමිතය. DB ඡායාරූප - සුදත් සිල්වා