මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ අපදාවට ලක්වූවන්ට නිවාස ආධාර

    පෙබරවාරි 23, 2015
    2014 දෙසැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ හානියට ලක්වූ නිවාස සඳහා ආධාර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (23) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී සිදු විය. 
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ආධාර බෙදාදීම සිදු වූ අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 35කි.
     
    අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ ද, මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, පොලොන්රුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.
     
    DB
     
    ඡායාරූප  -  සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya