මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතුයි

    පෙබරවාරි 24, 2015
    දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට සෑමවිට ම කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
     
    සාමාන්‍ය පොදු ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලදී ඔවුන්ට පිහිටවීම, දුක සැප විමසීම ඔවුන් විසින් අනිවාර්යයෙන් ඉටු කළයුතු කාර්යයක් බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ 2014 දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පූර්ණ සහ අර්ධ හානියට ලක්වූ නිවාස සඳහා ආධාර ලබාදීමට ඊයේ (23) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති උත්සවයට එක් වෙමිනි.
     
    පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ආධාර බෙදාදීම සිදු වූ අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 35කි.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් නොව රටේ ම ඇතිවන ආපදා තත්ත්වයන්වලදී එම ජනතාව වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටු කිරීමට රජය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරන බවයි.
     
    ආර්ථික අපහසුතාවලින් පෙළෙන පොදු මහජනතාවගේ දුක් කදුළු පිසදා ඔවුන්ට යහපත් ආර්ථිකයක් සමඟ හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමට රජයක් ලෙස උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවද කියා සිටියේය.
     
    දීර්ඝ කාලයක් පුරා ගංවතුර තත්ත්වය මත වැඩි අපහසුතාවයකට පත්වන පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    එවන් ව්‍යාපෘතියක අවශ්‍යතාවය බොහෝ කලක සිට සාකච්ඡා කළ නමුත් එය කි‍්‍රයාත්මක නොවු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එය කි‍්‍රයාත්මක කිරිම සඳහා සුදුසුම කාලය මෙය බව තමා විශ්වාස කරන බවද වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ ද, මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, පොලොන්රුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya