මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය මූලික රෝහලට වකුගඩු රෝග නිවාරණ ඒකකයක්

    පෙබරවාරි 24, 2015
    පදවිය මූලික රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකය සඳහා මුල්ගල් තැබීම ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
     
    ඉන් අනතුරුව දින සියයේ වැඩපිළිවෙළට සමඟාමීව වකුගඩු රෝගයේ හේතුකාරක පිටුදැකීම මැයෙන් උත්සවයක් පදවිය මහසෙන් විදුහලේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ද ජනාධිපතිතුමා සහභාගි විය.
     
    උතුරු මැද පළාතේ රෝහල් සඳහා රුධිර කාන්දු යන්ත්‍ර ප්‍රදානය කිරීම, සෞඛ්‍ය සේවා රථ ප්‍රදානය සහ  රසායනික උපකරණ ප්‍රදානය කිරීම ද එහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියද්ද යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.
     
    DB
     
    ඡායාරූප  -  සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya